Welcome! Browse around, read some posts, check things out.

08.08.08ට පෙර

හෙට දිනය අප සියළුදෙනාටම සුවීශේෂී දවසක්. ‍නෑ, මම මේ කියන්නේ ඔලිම්පික් ගැන නෙවෙයි. මම මේ කියන්න හැදුවේ හෙට දිනයේ සිට ලංකාවේ සිනමාහල් ආක්‍රමණයට සූදානමින් සිටින අබා චිත්‍රපටිය ගැනයි. ඔව්! හෙට ඔබ මෙතෙක් බලා සිටි අබා චිත්‍රපටිය දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා. මාත් චිත්‍රපටිය බලන්න යන්නයි ඉන්නේ. බැලුවාට පස්සේ හොඳ නරක කියන්නම්. මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර YuthMAX වෙබ් අඩවියේ වින්දන විශේෂාංගයෙන් ඔබට ලබා ගැනීමට හැකියි.

මා මගේ බ්ලොග් අඩවියේ පෙර සටහනක දක්වා ඇති පරිදි අබා, එසේත් නැතිනම් පණ්ඩුකාභය කුමරුගේ කතාව මහා වංශ කර්තෘ ගේ පට්ටපල් බොරුවක් කියලානේ කිව්වේ. මගේ අදහසත් ඒක තමයි. නමුත් චිත්‍රපටියක් වශයෙන් අපට මේ අබා චිත්‍රපටිය වැදගත් අන්තර්ජාතික සිනමාව ආක්‍රමණය කිරීමට සමත් හොඳ වාණිජ චිත්‍රපටි කලාවක ආරම්භයක් ලෙසයි මම නම් අබා චිත්‍රපටිය දකින්නේ. නමුත් දැන්ම ‍ඒ පිළිබඳව හරියටම කියන්න බෑ චිත්‍රපටිය සම්පූර්ණයෙන් බලනකන්. ඒත්, දැනට නරඹපු පූර්ව ප්‍රචාරක පටවලින් හා අබා චිත්‍රපටියේ ජායාරූප වලින් නම් චිත්‍රපටිය හොඳ එකක් කියලායි හිතන්නේ. ඒ කියන්නේ ලංකා ඉතිහාස කතාවේ පිටුවක් පෙරළීම කෙසේවෙතත්. මේ චිත්‍රපටිය සිංහල සිනමා වංශ කතාවේ නව පිටුවක් පෙරලනවා නියතයි කියලා තමයි මට නම් කියන්නට වෙන්නේ.

චිත්‍රපටි කතාව අස්සේ තව දෙයක් කියන්න තියෙනවා. ඒක තමයි මේ චිත්‍රපටියේ ගීතයක් නරඹනකොට මම දැක්කා අපේ පුරාණ යකඩ කර්මාන්තයේ දර්ශන වගයක්. ඒ කාලේ ලංකාවේ මිනිස්සු යකඩ හොයාගෙන ඒවායින් ආයුධ නිශ්පාදනය කරනකොටත් අපේ වර්තමාන මහා බලවතුන් සෙට් එක හිටියේ අමු නිරුවතින්, මස් පුච්චගෙන කාලා වනගත වෙලා. ඒත් දැන් බලනකොට? ඒ කාලේ ලෝක බලවත්තු මේ කාලේ වෙනකොට ඇඳුමින් නැතිවුනත් අනිත් හැම පැත්තෙන්ම අමු නිරුවතින් වගේනේ. ඇත්තටම එහෙම හිතෙන්නේ නැත්ද? අපි අපස්සට ගිහිල්ලානේ! යුරෝපා ජාතීන් අපිට වඩා සෑහෙන දුරක්, තාක්ෂණික අතින් ඉදිරියට ගිහිල්ලා. මේ සියල්ලම වුනේ නව දේශපාලනික චින්තන හරහා. ජාතික වාදය, සමාජ වාදය, ලිබරල් වාදය හා නට්සි/ෆැසිස්ට් වාද‍ය වගේ දේවල් එකට කාර්මික විප්ලවයන් එක්ක ගැටිලා මේ මුළු ලෝකය උඩු යටිකුරු කරා (හෝ වෙලා). ඉතින් මෙන්න මේකයි හැටි. අපි එකතැන වැඩවසම් ක්‍රමයත් එක්ක පල්වුනා ඒ අය පුනරුදයත් එක්ක ගොඩනැගුනා.

මේ පුනරුදය ගැනත් තියෙනවා හොඳ කතාවක්. පුරාණ ආසියාවේ අති විශාල චින්තන නිදහසක්, චින්තන ප්‍රබෝදයක් තිබුනා. විශේෂයෙන්ම බුදු දහම, කාන්තා නිදහස වගේ දේවල් වලට බුද්ධ කාලීනව ඉන්දියාවේදී නිදහස ලැබුනත්, ඉන්දියාවේ නැවතත් හින්දු ආගම නැගී සිටීමත් සමඟම ඒ නිදහස් චින්තනය, කාන්තා නිදහස, මානව අයිතිවාසිකම් වලට මුල් තැනක් ලැබුනු රටක් තමයි ලංකාව. මේ දේ කෙසේ හෝ වෙනස් වුනා. යුරෝපීය ජාතීන් වැඩවසම් ක්‍රමේ ඉඳලා නිදහස් චින්තනය, පුනරුදයට ඇතුල් වෙද්දී ආසියාවේ ජාතීන් බොහෝමයක්, (විශේෂයෙන්ම ශ්‍රී ලංකාව) ඒ තිබ්බ නිදහස් චින්තනයන් සියල්ලම අත ඇරලා වැඩවසම් ක්‍රමේකට ඇතුලත් වුනා හෝ ඇතුල් කරා.

මෙතැනින් ඇති වගේ. මදැයි අබා ගෙන් පටන් ඇරගෙන යු‍රෝපයෙත් සංචාරයක් ගිහිල්ලා නොවැ ආවේ!. පස්සේ වෙලාවක මේ ගැන වැඩි දුර කතා කරමුකෝ

ඇඳුම් මාරුව

මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ. කොහොමහරි උණුසුම් වාතාවරණයෙන් මිදෙන්න ටිකක් cool theme එකක් දැම්මා. මේකට කලින් තිබ්බ Theme එක ටිකක් සංකීර්ණ වැඩියි කියලා හිතුනා ඒ වගේම කළු පසුබිමක සුදු පාට අකුරු කියවන්න අමාරුයි කියලත් හිතන නිසා, අළුත් ඇඳුමක් ඇන්දුවා. මේ තියෙන්නේ දිලිසි දිලිසි ;) මොකද හිතන්නේ මේක හොඳයැ?

සාක්!

“හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩන් වැටුනා වගේ” (ද?)

සිරසක් නැති සිරස!

ඕන ඉතින් ආයු‍බෝවන් කිව්වා. කාලේකට පස්සේ දීර්ඝ ලිපියක් ලියන්න හිතුවා. ලිපියට මාතාකාව කරගන්න හිතුනේ වැඩි දෙනා අතර කතා බහට ලක් වෙලා තියෙන, එක එක නමින් හැඳින්වෙන (ජනතාවගේ නාලිකාව, කොටි සිරස, ත්‍රිකෝණ වාහිනිය, කොටි හඬ හා තවත් නම්…) සිරස TV නාලිකාව ගැන. මුලින්ම අන්තර්ජාලයේ අහු මුළු වලින් හම්බවෙච්ච දේවල් ටිකක් පෙන්නලා ඉන්න හිතුනා.

ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. කොහොමහරි සිරස නාලිකාව ගැන මේ වෙනකොට විශාල කතිකාවතක් නිර්මාණය වේගෙන යනවා. සිරස සුපර් ස්ටාර්ස්, ඩාන්සින්ග් ස්ටාර්ස් වගේ දේවල් ගැනත්, සිරසේ ප්‍රවෘත්ති ප්‍රකාශ ගැනත් විශාල කතාබහක් නිර්මාණය වේගෙන යනවා. කොහොමින් කොහොමින් හරි මේකෙන් වෙන්නේ ඒ නාලිකාවට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන එක තමයි. ඒත් කරන්න දෙයක් නෑ කතා කරන්නම වෙනවා. මෙන්න මේකයි මගේ මතය.

කතා දෙකක් නෑ සිරස තමයි දැනට ලංකාවේ තියෙන විශාලම වාණිජ ජාලයකට අයත් රූපවාහිනී නාලිකාව. කොහේ හරි නෑ ගෙදරකට, යාළුවෙකුගේ ගෙදරකට ගොඩවුනත් දැන් රූපවාහිනියේ දාලා තියෙන්නේම සිරස නාලිකාව තමයි. ඒකට එක හේතුවක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ජනතාව ඉල්ලන යම්කිසි රසාස්වාදයක් (ඔවුන් බො‍හෝ දෙනෙකුට මහා ලොකු දැනුමක්, සම්භාව්‍ය දෑ පිළිබඳ දැනුමක් නෑ කියන දේ පිළිගන්න වෙනවා) මේ නාලිකාවෙන් ලබා දෙනවා. ඇත්තටම කාටූන් වලට වයස් පරතරයකින් තොරව කැමතියි කියන එකත් අපිට ‍පිළිගන්න වෙනවා. මම හිතන විදිහට දැනට ලංකාවේ සූරපප්පා, දඟයා, ස්කූබි ඩූ වගේ කාටූන් නොබලපු සාමාන්‍ය පුරවැසියෙක්, පොඩි ළමයෙක් නැත්තේම නැතිව ඇති. ඒ වගේම අපි නොදන්න ලයිව් වැඩස‍ටහනත් ඉතාම ජනප්‍රිය වැඩසටහනක් (Season 2 එකට නම් දැන් වැඩිය හිනා යන්නේ නෑ. ඒක වෙනම කාරණයක්). ඔය විදිහට කියාගෙන ගියොත් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම කෙලින් කතාව (ඇත්තටම මේක CNN වල Larry King Live වැඩසටහනේ කොපියක්. ඒත් Larry King Live වැඩස‍ටහනේ ලංකාවේ අය සිංහලෙන් සංවාදයට ‍ඇරගෙන එන්නේ නෑනේ…) වැඩසටහන නම් මාත් අනිවාර්යයෙන්ම බලනවා. ඔය ආකාරයට සිරස නාලිකාව ලංකාවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් ඉල්ලන රසාස්වාදයත් ලබාදෙනවා.

මම දන්න අඳුරන එක්කෙනෙක්ගෙන් මම ඇහුවා, ඇයි ඔය මහගෙදර, ප්‍රවීනා වගේ හින්දි නාට්‍ය බලන්නේ? ඒවායේ කිසි තේරුමක් නෑනේ?

එතකොට එයා දීපු උත්තරේ තමයි මේක,

ඇත්තටම ඒකේ ගන්න දෙයක් නෑ තමයි. ඒත් ඉතින් ඒක ඉන්න නිළියන්ගේ රඟපෑම බලන්නයි වැඩිපුරම මහගෙදර, ප්‍රවීනා බලන්නේ. ඇත්තටම ඒ වගේ ලස්සනට අපේ නිළියන්ට රඟපාන්න පුළුවන්ද?

ඔන්න ඕකයි තත්වේ. සිරස නාලිකාව සාමාන්‍ය රූපවාහිනි ප්‍රේක්ෂකයා ඉල්ලන (පහත්) රසාස්වාදයක් අර මුලින් කියපු මහගෙදර, ප්‍රවිනා හා, හින්දි අනුකාරක සිංහල නාට්‍ය හරහා ලබාදෙනවා. මේක නිසා සිරස නාලිකාව සාමාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂයන්ගේ මානසිකත්වය ආක්‍රමණය කරලා.

දැන් මේ වගේ නාලිකාවකට සාමාන්‍ය මිනිස්සු ඇදිලා යන කරුණක් තියෙනවා. එකක් තමයි දැන් මේ වර්තමානේ ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය. බෝම්බ, අපරාධ ගැන ප්‍රවෘත්ති වලින් හෙම්බත් වෙලා. තමන් කරන රස්සාවෙන් හෙම්බත්‍ වෙලා, මෙන්න මේ වගේ කරුණු නිසා මේ රූපවාහිනී නාලිකාවට ගොඩක් සාමාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඇබ්බැහි වෙලා කිව්වොත් වරදක් නෑ.

සුපර්ස්ටාර්ස් වගේ දේවල් වලිනුත් අර විදිහට හෙම්බත් වෙලා ඉන්න ප්‍රේක්ෂකයින්ට සින්දුවක් දෙකක් අහන්න සලස්වලා. ගායක ගායිකාවන්ට ඇඳුමක් දෙකක් අන්දලා පොඩි කික් එකක් දෙනවා. ඒකට ගොඩක් ප්‍රේක්ෂකයින් කැමතියි. ඒක නිසාම අපේ අයත් ඇඟිල් කැඩෙනකන්, රීලෝඩ් කර කර, සල්ලි නාස්ති කරගෙන කෙටි පණිවිඩ යවන්නත් පෙළඹිලා. ඒ අතරට ආපු සිරස කුමරිය. දැන් මෑතකදි අහවර වෙච්ච ඩාන්සින්ග් ස්ටාර්ස් වගේ ඒවායිනුත් කරේ  පොඩ්ඩක් මිල අඩු, රෙදි අඩු ඇඳුමක් දෙකක් අන්දලා ප්‍රේක්ෂකයන්ට පොඩි කික් එකක් දෙන එක තමයි. (ඇත්තටම මේ වැඩසටහන් සිරස විසින්ම නිර්මාණය කරපු දේවල් නෙවෙයි. ඒ වැඩසටහන් බටහින American Idol, Dancing with Stars වැනි වැඩසටහන් වල අනුකාරක වැඩසටහන්. ඒත් ඒ වැඩසටහන් වල මොකෝ සිංහල සිංදු කියනවා වත්, ලංකාවේ නළු නිළියෝ නටනවා වත් යැ?) ඔන්න ඕකයි සිරස වින්දනාත්මක පැත්ත.

දැන් එන්නේ පොඩ්ඩක් අන්තරාදායක පැත්තටයි. ඒ තමයි මේ නාලිකාවේ දේශපාලනික ක්‍රියාකාරීත්වය (ඇත්තටම මේ බ්ලොග් අඩවියෙන් දේශපාලනය ගැන මගේ දැක්ම කතා කරන්න කැමති නෑ. ඒත් කතා කරන්න වෙනවා අවස්තාව අනුව) දැන් ලංකාවේ පවතින තත්ත්වය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනේ. ටිකක් යුධමය වාතාවරණයක්. ඒත් මේ සිරස නාලිකාව අර උතුරේ අපේ හමුදාවන් කෙරෙන සටන් ගැන කියවෙන ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නේ මතු පිටින් පොඩ්ඩක් කියලා විතරයි. අනිත් ප්‍රවෘත්ති ‍හොයාගෙන උඩ පැනගෙන යන මේ නාලිකාව, ඇයි මේ වගේ යුධමය ප්‍රවෘත්ති වාර්තාක‍රණයෙන් ඉවත්වෙලා ඉන්නේ කියන එක ටිකක් සැක සහිතයි. ඒ වගේම මේ නාලිකාවේ ආර්ථික තත්ත්වයත් ශක්තිමත්. ඉතින් මේ නාලිකාව ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හරහා ලංකාවේ දේශපාලනයත් අත ගහනවා කියන දේත් ප්‍රසිද්ධ රහසක්. ඇත්තටම දැන් වර්තමානයේ ත්‍රිවිධ හමුදාව සිදු කරන්නේ යුගයේ අවශ්‍යතාවයක්. ඒත් ඇයි මේ වගේ නාලිකාවක් ‍ඒක තේරුම් නොගන්නේ? ඒක ඔවුන්ගේ රහසිගත දේශපාලනික උපක්‍රමයක්වත්ද? ඒ වගේම මේ ළඟදී කතාබහට ලක්වෙච්ච‍ දෙයක් තමයි ඔවුන් රුධිර මධ්‍යස්ථානය පිළිබඳ වාර්තා කරන ලද අසත්‍ය ප්‍රවෘත්තිය. ඒ වගේම තවත් දෙයක් තියෙනවා ඔවුන් මුලින් ඔවුන්ගේ ප්‍රවෘත්ති සඳහා යොදාගත්ත ආදර්ශ පාඨය තමයි, We Report You Decide කියන වදන් වැල. නමුත් ඒකත් ඔවුන්ගේ ආදර්ශ පාඨයක් නො‍වේ. ජාත්‍යන්තර ෆොක්ස් නාලිකාවේ ආදර්ශ පාඨයක්. ඉතින් ඔය විදිහට කියාගෙන ගියොත් සිරස කියන්නේ හරියට ෆොටෝ කොපි මැසිමක් වගේ නාලිකාවක්. ඇයි මේ නාලිකාවට බැරි තමන්ගේම දෙයක්. තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න. ඇත්තටම ඔවුන්ගේ දැන් පාඨය වෙලා තියෙන්නේ “TV අළුත් කරන සිරස” කියන එකයි. ඉතින් මේක මෙන විහිළුවක්ද? හැම පිටරට වැඩසටහනක්ම මෙහාට ගැලපෙන අයිසින් දාලා ප්‍රචාරය කරත්, කරන්නේ පරණ දේම නේද? ඉතින් මේක හරි විහිළුවක් නේද? හැබැයි මහජනයා ඇත්ත දැනගන්න කාලය ඇවිල්ලා. දැන් සිරසේ වැඩ ගැන හැමදෙනාම කතා වෙනවා. සිරසට ඕන ඕන විදිහට නටන්න බැරි කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. කෙලින්ම කිව්වෙත් සිරස‍ට විරුද්ධව ගොඩක් තැන්වල කතා බහ ඇතිවෙලා තියෙනවා. ඔබ පොඩ්ඩක් ElaKiri වෙබ් අඩවියේ ෆෝරමය සෝදිසි කරලා බැලුවොත් ඒක තේරුම්ගන්න පුළුවන් වේවි.

ඒ වගේම පහත සටහන් කියවන්න අමතක කරන්නත් එපා!

මේ ගැන ඔබ මොනවාද හිතන්නේ? ඇත්තටම සිරස දේශ ද්‍රෝහී නාලිකාවක්ද? නැත්නම් ඒක නිකම්ම නිකන් නාලිකාවක්ද? සංවාදයට විවෘතයි!

Harry Potter and the Half Blood Prince පූර්ව ප්‍රචාරක වීඩි‍යෝ පටය නිකුත් වෙයි!

මෙන්න තවත් විශේෂ ප්‍රවෘත්තියක්! එය ඔබ හැරී පොටර් විත්‍රපටි රසිකයෙක් / රසිකාවියක් වශයෙන් මෙතෙක් පුල පුලා බලාසිටි අවස්ථාවයි! වැඩි අටූවාටීකා අවශ්‍ය නෑ. කෙලින්ම නරඹන්න. මේක තමයි, HOT HOT! “Harry Potter and the Half Blood Prince” පූර්ව ප්‍රචාරක වීඩියෝව!

වැඩි විස්තර YuthMAX වෙබ් අඩවියේ “වින්දන” විශේෂාංගයෙන්

Get our RSS Feed
daily in your inbox

Recent Posts

ජන්ද මධ්‍යස්ථානය

අබා!

View Results

Loading ... Loading ...

එක එක දේවල්

ප්‍රතිචාර

ලිපි වර්ගීකරණය

අනුග්‍රාහකයින්

වෙනත් බ්ලොග්

දින සටහන

August 2008
M T W T F S S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031